ඉකොකාඩියෝග්රෆි (Echocardiography) පරීක්ෂණය කියලා කියන්නේ හෘදය වස්තුවේ කරන අධි ධ්වනි (Ultrasound) පරීක්ෂණයක්. මෙහිදී අධි ධ්වනි තරංග මාර්ගයෙන් හෘදවස්තුවේ කපාට, බිත්ති, ප්‍රධාන නහර වල ව්‍යුහය වගේම ක්‍රියාකාරීත්වය ගැනත් ඉතාමත්ම හොඳ අවබෝධයක් ලබා ගන්න පූළුවන්. අද තියන නවීන පන්නයේ උපාංග නිසා හෘදය වස්තුවේ ඇති ප්‍රශ්න සියයට අනූ නවයක්ම මෙම පරීක්ෂණය තුලින් හොයාගන්න පුළුවන්. මෙහිදී භාවිතා වෙන්නේ අධි…
යම් රෝගියෙකුගේරුධිරය කැටි ගැසීම අවම කල යුතු අවස්ථා වල මෙම ඖෂධය භාවිතා කරනවා. බොහෝ විට මේ අයගේ රුධිර කැටි ගැසීම සාමාන්‍ය නමුත් යම් හදවතේ ඇති රෝගී තත්වයක් නිසා මෙම ඖෂධය භාවිතා කරලා එය අඩු කිරීමට සිදු වෙනවා. උදාහරණ: වෝෆරින් සෝඩියම් කියන්නේ මොන වගේ ඖෂධයක්ද ? වෝෆරින් සෝඩියම් වලින් කරන්නේ රුධිරය කැටි ගැසීම අඩු කරන එක….
හෘදය වස්තුවේ සිදුරක් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? හෘදය වස්තුවේ සිදුරු ගැන කියන්න කලින් අපි බලමු මොකක්ද හෘදය වස්තුවේ ආකෘතිය කියල. සාමාන්‍ය මිනිස් හෘදයේ කුටීර 4ක් තියෙනවා. මෙයින් උඩ කුටීර හඳුන්වන්නේ කර්ණිකා කියල. පහල තියන කුටීර හඳුන්වන කෝෂිකා කියල. ඇඟෙන් එන අපිරිසිදු රුධිරය උත්තර මහා ශිරාව සහ අධර මහා ශිරාව හරහා දකුණු කර්ණිකාවට එකතු වෙනවා. මේ ලේ…