හෘදයාබාධ සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම මොනවාද?

හෘද වස්තුවේ සිදුරු සහ නහර සිහින්වීම්, කිරීටක ධමනි වල ඇති සිහින්වීම් ඇතුළු නොයෙකුත් ප්‍රශ්න සඳහා ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම තුනක් තියෙනවා.

  1. ඖෂධ මාර්ගයෙන් ගන්නා ප්‍රතිකාර
  2. කැතීටර්කරණ මාර්ගයෙන් කරන ප්‍රතිකාර ක්‍රමය
    මෙහිදී හෘද වස්තුව විවර කිරීමකින් තොරව, හෘදය වෙතට ගමන් කරන නහර සහ හෘදය වස්තුවෙන් පිටතට යන නහර හරහා සිහින් බට සහ ඒ සඳහාම නිපදවූ මෙවලම් යොදා ගෙන හෘද වස්තුවේ සිදුරු වැසීම, සිහින් වී ඇති නහර මහත් කිරීම, කිරීටක ධමනි වල ඇති සිහින්වීම් සඳහා ප්‍රතිකාර කිරීම ඇතුළු නොයෙකුත් ආබාධ සඳහා ප්‍රතිකාර කිරීම කැතීටර්කරණ මාර්ගයෙන් කරන ප්‍රතිකාර ලෙස හැඳින්වෙනවා. මෙහිදී රෝගියාට රෝහලේ ගත සිදු කිරීමට සිදුවන කාලය අවම වන අතර නිර්වින්දන භාවිතය ද අවම වෙනවා.
  3. හෘද ශල්‍යකර්ම මාර්ගයෙන් කරන ප්‍රතිකාර
    වඩා සංකීර්ණ හෘදයාබාධ සහ කැතීටර්කරණ මාර්ගයෙන් සිදු කළ නොහැකි හෘද ආබාධ සඳහා ශල්‍යකර්ම කිරීමට සිදුවෙනවා. මෙහිදී විශේෂ පුහුණුවලත් හෘද ශල්‍ය වෛද්‍යවරයකු විසින් හෘදයේ ඇති ආබාධිත කොටස ශල්‍යකර්මයක් මාර්ගයෙන් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරනවා.