හෘදය වස්තුවේ සිදුරක් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? හෘදය වස්තුවේ සිදුරු ගැන කියන්න කලින් අපි බලමු මොකක්ද හෘදය වස්තුවේ ආකෘතිය කියල. සාමාන්‍ය මිනිස් හෘදයේ කුටීර 4ක් තියෙනවා. මෙයින් උඩ කුටීර හඳුන්වන්නේ කර්ණිකා කියල. පහල තියන කුටීර හඳුන්වන කෝෂිකා කියල. ඇඟෙන් එන අපිරිසිදු රුධිරය උත්තර මහා ශිරාව සහ අධර මහා ශිරාව හරහා දකුණු කර්ණිකාවට එකතු වෙනවා. මේ ලේ…